හෝ චි මින් නගරය
ඛණ්ඩාංක: 10°46′36.8″N 106°42′02.9″E / 10.776889°N 106.700806°E
හෝ චි මින් නගරය Thành phố Hồ Chí Minh Sài Gòn | |
---|---|
නගරසභාව | |
Thành phố trực thuộc trung ương | |
අපනාමය(න්): පෙරදිග පැරීසිය ඈත පෙරදිග මුතු ඇටය | |
වියට්නාමය තුල සහ දකුණු වියට්නාමය තුල හෝ චි මින් නගරයේ පිහිටීම | |
රට | වියට්නාමය |
ගියා දින්හ් ලෙස පිහිටවනු ලැබීය | 1698 |
හෝ චි මින් නගරය ලෙස ප්‍රතිනාමකරණය කරන ලදී | 1976 |
දෙමොනිම් | List
|
ආණ්ඩුව / පරිපාලනය | |
• පක්ෂ ලේකම් | ලේ තන් හායි |
• මහජන කමිටු සභාපති | ලේ හොවන්ග් ක්වාන් |
සරිය | |
• මුළු | 2,095.5 කිමී2 (809.23 සතරැස් සැත) |
උන්නතාංශය | 19 මී (63 අඩි) |
ජනගහණය(2014)[1] | |
• මුළු | 7,981,900 |
• අනුස්ථිතිය | රටේ ඉහලම ජනගහනය |
• ඝණත්වය | 3,800/කිමී2 ( 9,900/වර්ග සැත) |
වේලා කලාප | ICT (UTC+07:00) |
ප්‍රාදේශීය දුරකථන කේතය | 28 |
දල දේශීය නිෂ්පාදිතය | 2014 ඇස්තමේන්තුගත[2] |
- සම්පූර්ණ | ඇ. ඩො. බිලියන 71.1 |
- ඒක පුද්ගල | ඇ. ඩො. 8,660 |
වෙබ් අඩවිය | hochiminhcity.gov.vn |
හෝ චි මින් නගරය (වියට්නාම භාෂාව: තාන් පෝ හෝ චි මින්හ්; ප්‍රංශ: Saïgon) යනු වියට්නාමයේ විශාලතම නගරයයි. සයිගොන් යනු එහි පෙර නාමය වන අතර අදටද සමහර අවස්තාවන්දී නිල නොවන වශයෙන් එම නාමය භාවිත කරයි. එය අතීතයේදී ප්‍රේ නොකෝර් ලෙසද හඳුන්වනු ලැබූ අතර, එය 17 වන සියවසේදී වියට්නාමයට ඈඳා ගන්නා තුරුම ඛේමර් අධිරාජ්‍යයට අයත් තොටුපලක් විය. කොචින්චිනා ප්‍රංශ කොලොනියේ අගනුවර වූයේද මෙම නගරයයි. එය එවකට සයිගොන් නමින් හැඳින්විණි. පසුව 1955-1975 කාලයේදී දකුණු වියට්නාමයේ අගනුවර ලෙසද සයිගොන් නගරය යොදා ගැනිණි. 1976 ජූලි 2 වෙනිදා තදාසන්න ගියා දින් පළාත සමග ඒකාබද්ධ කල සයිගොන් නගරය, එතැන් සිට හෝ චි මින් සිහිවනු පිණිස හෝ චි මින් නගරය ලෙස නම් කරන ලදී.[3]
), හෙවත් සයිගොන් ( ,හෝ චි මින් නගරයේ නගර සභා සීමාව තුල සහ තු දවු මොට්, දී අන්, බියෙන් හොවා වැනි අවට උප නගර හා එකට ගත්විට එහි ජනගහනය මිලියන 9[4] ඉක්මවා යන අතර එය වියට්නාමයේ වඩාත් ජනාකීර්ණම ප්රදේශයයි.[5] 2025 වන විට නගරයේ ජනගහනය මිලියන 13.9 දක්වා ඉහල යනු ඇති අපේක්ෂා කෙරේ.[6]
ගිනිකොනදිග වියට්නාමය තුල බොහෝ ප්‍රදේශ, ටියෙන් ගියෑන් පළාත සහ ලෝන්ග් ඇන් පළාත යන ප්‍රදේශ එක්කොට 30,000 square කිලෝmetres (12,000 sq mi) විශාල නාගරික ප්‍රදේශයක් ගොඩනැගීමට දැනට සැලසුම් කර ඇති අතර, 2020 වන විට වැඩ නිම වන එහි මිලියන 20ක පමණ ජනගහනයක් සිටිනු ඇති අපේක්ෂා කෙරේ.[7]
හෝ චි මින් නගරය, මර්සර් මානව සම්පත් උපදේශක සේවය, ඉකොනොමිස්ට් බුද්ධි අංශය සහ ඊසීඒ ඉන්ටනැෂනල් යන සංවිධාන වලට අනුව ප්‍රවාසික සේවානියුක්තිකයින් සඳහා වඩාත් වටිනාකමකින් යුතු නගර ලයිස්තුවේ 132 වන ස්ථානය හිමිකරගෙන සිටී.
නාමය
[සංස්කරණය]ඉතිහාසය පුරා හෝ චි මින් නගරය විවිධ නාමයන්ගෙන් හඳුන්වා ඇත. ඊට හේතු වී ඇත්තේ විවිධ කාල වලදී විවිධ ජාතීන්, සංකෘතීන්, දේශපාලන කණ්ඩායම් යන ඒවාට අයත් පිරිස් එහි පදිංචි වීමයි. 1690 දී මෙකොන් ඩෙල්ටාව සහ ඒ අවට වියට්නාම පරිපාලනමය ඒකක පිහිටුවීම සඳහා හියුහි ගුයෙන් පාලකයන් විසින් ගුයෙන් හූ චාන් නමැති ප්රභූවරයා මෙම ප්‍රදේශයට එවන ලදී. පසුව එහි පාලනය වියට්නාම පාලනයට නතු වූ අතර, එම අවස්තාවේදී එයට ගියා දින්හ් යන නිල නාමය ලබා දෙන ලදී. 1860 දශකයේදී කොචින්චිනා නමැති ප්‍රංශ කොලොනිය පිහිටවන තුරුම එම නම පැවතිනි. ප්‍රංශ ආක්රමනිකයින් විසින් මෙම නමම සයිගොන් ලෙස පහසුව පිණිස වෙනස් කරගන්නා ලදී. සයිගොන් යනු ගියා දින්හ් නමෙහිම බටහිරකරණය වූ එක් භාවිත ආකාරයකි.[8] කෙසේවෙතත් 1891 වනතුරුම වියට්නාම සිතියම් වල නගරය දැක්වුණේ 嘉 定 ලෙසය.[9] 1975 වසරේදී නගරය කොමියුනිස්ට් පාලනයට නතු වූ වහාම, ප්‍රාදේශීය රජය විසින්, උතුරු වියට්නාමයේ හිටපු නායක හෝ චි මින් නමින් එය නම් කරන ලදී.
නමුත් අදටත් නගරයේ නිල නොවන නාමය වන සයිගොන් නාමය එදිනෙදා කතාබහේදී දේශීය මෙන්ම විදේශීය (විශේෂයෙන්ම විදේශගත වියට්නාම ඩයස්පෝරාව විසින්) වශයෙන්ද භාවිත වේ. හෝ චි මින් නගරයේ, 1 වන දිස්ත්‍රික්කය හැඳින්වීමටද සයි ගොන් යන නම බොහෝවිට යොදා ගැනේ.[10]
ආශ්රිත
[සංස්කරණය]- ^ "Statistical Handbook of Vietnam 2014" (Vietnamese බසින්). General Statistics Office of Vietnam. සම්ප්‍රවේශය 4 September 2015.
{{cite web}}
: CS1 maint: unrecognized language (link) - ^ "Global Metro Monitor". Washington, DC: Brookings Institution. සම්ප්‍රවේශය 4 September 2015.
- ^ Ben Brown (12 November 2007). "Letter from Ho Chi Minh City A Tribute to My Vietnam Vet Father". CounterPunch. CounterPunch. සම්ප්‍රවේශය 15 October 2012.
- ^ Đồng Nai Province's Populations: 2.254.676 (2006) සංරක්ෂණය කළ පිටපත 2007-11-25 at the Wayback Machine, Bà Rịa Vũng Tàu Province's Populations:862.081 (2002) සංරක්ෂණය කළ පිටපත 2007-10-29 at the Wayback Machine, Bình Dương province's Population: 1,2 million (2007) සංරක්ෂණය කළ පිටපත 2007-12-21 at the Wayback Machine, Ho Chi Minh City's population: 5,037,155 (1999) සංරක්ෂණය කළ පිටපත 2007-11-30 at the Wayback Machine
- ^ About Ho Chi Minh City (HCMC). සංරක්ෂණය කළ පිටපත 2009-07-13 at the Wayback Machine MyVietnam.info. Retrieved 13 August 2009.
- ^ Wendell Cox (22 March 2012). "THE EVOLVING URBAN FORM: HO CHI MINH CITY (SAIGON)". New Geography. New Geography. සම්ප්‍රවේශය 15 October 2012.
- ^ "Quy hoạch xây dựng vùng Tp.HCM". VnEconomy. 25 April 2008.
- ^ Robert M. Salkin, Trudy Ring (1996). Paul E. Schellinger, Robert M. Salkin (ed.). Asia and Oceania. International Dictionary of Historic Places. Vol. 5. Taylor & Francis. p. 354. ISBN 1-884964-04-4.
{{cite book}}
:|access-date=
requires|url=
(help) - ^ "Comprehensive Map of Vietnam's Provinces". World Digital Library. යුනෙස්කෝ. 1890.
- ^ Robert M. Salkin, Trudy Ring (1996). Paul E. Schellinger, Robert M. Salkin (ed.). Asia and Oceania. International Dictionary of Historic Places. Vol. 5. Taylor & Francis. p. 353. ISBN 1-884964-04-4.
{{cite book}}
:|access-date=
requires|url=
(help)